Posts

Showing posts from May, 2025

අධිරන් - ADRIAN සිංහල සහ දමිළ භාෂා ද්විත්වයෙන් සිනමාවට

Image
යුක්තියේ හස්තය "අදිරන්" තවත් චායාරූප නැරබීමට. එක්තරා ගම්මානයක , ගම්මුන්ගේ විශ්වාසය හා ආදරය ගෞරවය දිනා ගනිමින් ජීවත්වන " ආදි" නම් අවංක තරුණයෙකු කේන්ද්‍ර කර ගනිමින් "අදිරන්" සිනමාවට පිවිසෙයි . ජීවිතය ජීවත් කරවීමේ අරමුණින් යුතුව    නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම දේශපාලනඥයකු යටතේ රැකියාවක් සඳහා ආදි එක්වෙයි . කඩවසම් යෞවනයෙකු වන ආදි ට කවිතා නමින්    රූමත් පෙම්වතියක් සිටී. ඔවුන් ඉතාමත් ආදරයෙන් ,අනාගත පෙම් සිහින මවමින් ප්‍රේමාන්විතව කාලය ගත කරයි. කාලයක් ගතවන විට තම රැකියා ස්ථානයේ නීතියට පටහැනි යම් යම් දේ සිදුවෙන බව ආදි ට වැටහෙයි. එක් අවස්ථාවක නොසිතූ නොපැතූ විශාල ගැටළුවකට ඔහුට මුහුණ දීමට සිදුවෙයි.ඉන් අනතුරුව දැඩි කම්පනයට පත්වන    ආදි , අසාධාරණය සහ අයුක්තිය එරෙහිව " අදිරන්" නමින් පෙනී සිටිමින් , සියලු නීති විරෝධි ක්‍රියාවන්ට විරුද්ධව    අභියෝගාත්මක චරිතයක් බවට නැගී සිටියි. එහිදි ඔහු මුහුණ දෙන සිදුවීම් මාලාවට සහ ආදි- කවිතා පෙම් කතාවේ    ඉරණම පිළිබඳවත් " අදිරන් " තුළින් ප්‍රේක්ෂකයාට පහදා දී ඇත. තිනේෂ් කනගරාජ් යනු දමිළ මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශා...