රයිගම් ටෙලීස් 2019
රයිගම් ටෙලීස් 2019 සම්මාන ප්‍රධානය ඊයේ (19) රාත්‍රී පැවැත්වුණා. එහිදී ශලනි තාරකා ජනප්‍රිය සහ හොඳම නිළිය යන සම්මාන දෙකම දිනා ගත්තා. හොඳම නළුවා සම්මානය ආනන්ද කුමාර උන්නැහැ හට හිමිවූ අතර ජනප්‍රියම නළුවා වූයේ රවීන් කණිෂ්කයි. වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන ලෙස දෙරණ ඔස්සේ විකාශය වූ කන්දකාඩු “මතට එරෙහිව” නම් කේ. සී. සරංග නිෂ්පාදනය කළ වැඩසටහන සම්මාන දිනා ගත්තා. සියලු සම්මාන තොරතුරු පහතින් දැක්වෙනවා. ජනප්‍රිය සම්මාන වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය තණමල්විල කොල්ලෙක් ITN වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා රවීන් කණිෂ්ක වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළිය ශලනි තාරකා රූපවාහිනී ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ආනන්ද කුමාර උන්නැහේ (විසන්) සුදු ඇඳගෙන කළු ඇවිදින් – ජාතික රූපවාහිනිය වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ශලනී තාරකා (කමනී) අ.ඩෝ – සිරස ටීවී වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ආනන්ද අබේනායක වීරයා ගෙදර ඇවිත් – ජාතික රූපවාහිනිය වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය සුදු ඇඳගෙන කළු ඇවිදින් – මංජුල කැකුලාවල / නඳුනි රොමරීනා / ධනුක කරුණාතිලක වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා රදික ගුණති...