Posts

Showing posts from 2025

Mother Lanka Movie

Image
 " මදර් ලංකා " අගෝස්තු 14 සිට දිවයින පුරා තිරගතවීම ඇරඹීමට නියමිතයි ! තවත් චායාරූප නැරබීමට.. ආදරය වෙනුවෙන් ක්‍රීඩාව අතහැරි යුවතියක් , ජීවිතය වෙනුවෙන් ස්ත්‍රීත්වය වැළඳගත් යෙහෙළියක් සමගින් එක්ව , විජයග්‍රාහි දැරියක් බිහිකිරීම වෙනුවෙන් දරණ වෑයමයි මදර්ලංකා. අධ්‍යක්ෂණය - අනූෂ සංජීව එදිරිමුණි  නිෂ්පාදනය - ඉෂාන් පෙරේරා  තිර රචනය - ක්‍රිෂාන්ති කුලසූරිය  කැමරාකරණය - රංග එස් . බණ්ඩාර  අංග රචනය - නයන උජිත් වර්ණ සංයෝජනය - ආනන්ද  බණ්ඩාර  ශබ්ද සැලසුම - සසික රුවන් මාරසිංහ  සංගිතය - එරංග ජයවර්ධන  කලා අධ්‍යක්ෂණය - විගඟ දෙව්වින් ගායනය - අභිෂේකා විමලවීර  රංගන දායකත්වය  තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධ, ශෙනුකි දිසල්‍යා ( හඳුන්වාදීම),බිමල් ජයකොඩි , හේෂානි ලියදිපිට , සනත් ගුණතිලක , දිල්හානි අශෝකමාලා , නුවන් ගුණසේකර , කළණ ගුණසේකර , නවින්දි රැපියෙල් , හර්ෂිකා රත්නායක , සුධීක්ෂා සමාධි , චතුරංග කොඩිතුවක්කු , ධර්මප්‍රිය ඩයස් , සරත් කොතලාවල , මාදනී මල්වත්තගේ , හිරාන් යටෝවිට ඇතුළු පිරිසක්.

අධිරන් - ADRIAN සිංහල සහ දමිළ භාෂා ද්විත්වයෙන් සිනමාවට

Image
යුක්තියේ හස්තය "අදිරන්" තවත් චායාරූප නැරබීමට. එක්තරා ගම්මානයක , ගම්මුන්ගේ විශ්වාසය හා ආදරය ගෞරවය දිනා ගනිමින් ජීවත්වන " ආදි" නම් අවංක තරුණයෙකු කේන්ද්‍ර කර ගනිමින් "අදිරන්" සිනමාවට පිවිසෙයි . ජීවිතය ජීවත් කරවීමේ අරමුණින් යුතුව    නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම දේශපාලනඥයකු යටතේ රැකියාවක් සඳහා ආදි එක්වෙයි . කඩවසම් යෞවනයෙකු වන ආදි ට කවිතා නමින්    රූමත් පෙම්වතියක් සිටී. ඔවුන් ඉතාමත් ආදරයෙන් ,අනාගත පෙම් සිහින මවමින් ප්‍රේමාන්විතව කාලය ගත කරයි. කාලයක් ගතවන විට තම රැකියා ස්ථානයේ නීතියට පටහැනි යම් යම් දේ සිදුවෙන බව ආදි ට වැටහෙයි. එක් අවස්ථාවක නොසිතූ නොපැතූ විශාල ගැටළුවකට ඔහුට මුහුණ දීමට සිදුවෙයි.ඉන් අනතුරුව දැඩි කම්පනයට පත්වන    ආදි , අසාධාරණය සහ අයුක්තිය එරෙහිව " අදිරන්" නමින් පෙනී සිටිමින් , සියලු නීති විරෝධි ක්‍රියාවන්ට විරුද්ධව    අභියෝගාත්මක චරිතයක් බවට නැගී සිටියි. එහිදි ඔහු මුහුණ දෙන සිදුවීම් මාලාවට සහ ආදි- කවිතා පෙම් කතාවේ    ඉරණම පිළිබඳවත් " අදිරන් " තුළින් ප්‍රේක්ෂකයාට පහදා දී ඇත. තිනේෂ් කනගරාජ් යනු දමිළ මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශා...